සුපිරි හින්දි සිනමා නළු අමිතාබ් බච්චන් අග්නිදිග ආසියාතික කලාපය තුළ හෙපටයිටිස් රෝග නිවාරණය සම්බන්ධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සුහද තානාපතිවරයා වශයෙන් පත්කර තිබේ.
නව කලාපීය හෙපටයිටිස් පිළිබඳ තානාපතිවරයා වශයෙන් නළු අමිතාබ් බච්චන් හෙපටයිටිස් රෝග නිවාරණය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්වලට සහභාගිවීමට නියමිතයි.
හෙපටයිටිස් – බී වයිරසය සමග ජීවත්වන අයකුවන අමිතාබ් බච්චන් ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු අග්නිදිග ආසියාතික කලාපය තුළ හෙපටයිටිස් රෝග නිවාරණ කටයුතුවලට සක්‍රියව මේ අනුව දායකවනු ඇත.
ඔහුගේ නව පත්වීම සමග වාර්ෂික ව කලාපීය රටවල් තුළ හෙපටයිටිස් රෝගය හේතුවෙන් මිය යන අයගේ සංඛ්‍යාව හා රෝගය හේතුවෙන් ඇතිවන ආබාධයන් අඩුකර ගැනීමට අපේක්ෂා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාතික කලාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පුනම් කෙත්රහල් සිං පසුගිය දා මුම්බායි නගරයේ පැවැති එම තානාපති ධුරය පිරිනැමීමේ උත්සවයේ දී පැවසුවා ය.
හෙපටයිටිස් රෝගය හේතුවෙන් අග්නිදිග ආසියාතික කලාපය තුළ වාර්ෂිකව 410,000 ක් දෙනා මිය යන බව අනාවරණය වී තිබේ.
මෙම පිරිසෙන් බහුතරය රැකියා කරන වයස්වල පසුවන්නන් බව හෙළි වී ඇති අතර කලාපය තුළ මිලියන 90 කට ආසන්න සංඛ්‍යාවක් එම රෝගය නිසා ඇතිවන සංජානනීය අක්මා ප්‍රදාහය, අක්මා පිළිකාව හා සිරෝසිස් යන රෝගවලින් පෙළෙන බව අනාවරණය වී තිබේ.