lan englan tam

පුවත්

ඔස්කාර් සම්මාන උළෙල 2026 : ‘One Battle After Another’ චිත්‍රපටයට සම්මාන 6 ක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝක සිනමාවේ අසිරිමත් මංගල්‍යය වශයෙන් සැලකෙන 98 වන ඔස්කාර් සම්මාන උළෙල(2026) ඉරිදා රාත්‍රියේ ඇමෙරිකාවේ ලොස්-ඇන්ජලීස් නුවර ඩොල්බි ශාලාවේ( Dolby Theatre) දී මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙවර සම්මාන උළෙල මෙහෙයවනු ලැබුවේ ප්‍රකට ප්‍රහසන ශිල්පියෙකු සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන Conan O'Brien විසිනි.

මෙවර සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ඇතුළුව සම්මාන හයක් දිනා ගනිමින් උළෙලේ වැඩිම ගෞරව දිනා ගැනීමට සමත් උනේ පෝල් තෝමස් ඇන්ඩර්සන්ගේ 'One Battle After Another' චිත්‍රපටයයි.

 

 

එමෙන්ම මෙවර සම්මාන උළෙලේ ඉතිහාස ගත වන තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස, 'sinners' චිත්‍රපටයේ සිනමාකැමරාකරණ ශිල්පිනී ඕටම් ඩුරල්ඩ් (Autumn Durald Arkapaw) හොඳම සිනමාකැමරාකරණය ( cinematography) වෙනුවෙන් වූ ඔස්කාර් සම්මානය දිනා ගැනීමට සමත් වීම පෙන්වා දිය හැකි අතර,  

98 වසරක ඔස්කාර් සම්මාන ඉතිහාසයේ කාන්තාවක් හොඳම සිනමා කැමරාකරණය (cinematography) වෙනුවෙන් ඔස්කාර් සම්මානයක් ජයග්‍රහණය කළ ප්‍රථම අවස්ථාව ලෙසයි මෙය ඉතිහාසයට එක්වන්නේ.

 "sinner'' චිත්‍රපටය වෙනුවෙන් ඕටම් ඩුරල්ඩ් (Autumn Durald Arkapaw) හොඳම සිනමාකැමරාකරණය (cinematography) වෙනුවෙන් වූ ඔස්කාර් සම්මානය දිනා ගැනීමට සමත් විය.

 

මෙවර සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස ඔස්කාර් සම්මානය දිනා ගත්තේ “Hamnet” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජෙසී බක්ලි (Jessie Buckley) විසිනි. ඒ අනුව එම කාණ්ඩයේ සම්මානයක් දිනූ ප්‍රථම අයිරිෂ් (Irish) ජාතික නිළිය බවට පත්වන්නේ ද ඇයයි.

 

GettyImages 2266728266 Jessie Buckley Oscars 2026 Show Hහොඳම නිළිය ලෙස ඔස්කාර් සම්මානය දිනා ගත් ජෙසී බක්ලි

 

හොඳම නළුවා ලෙස 'Sinners' චිත්‍රපටයේ දිවිත්ව රංගනය වෙනුවෙන් මයිකල් බී. ජෝර්ඩන් සම්මානයට පාත්‍ර විය.

 

Sinners wහොඳම නිළිය ලෙස ඔස්කාර් සම්මානය දිනා ගත් මයිකල් බී. ජෝර්ඩන් 

 

හොඳම සහය නළුවා සම්මානය ‘One Battle After Another’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් Sean Penn දිනා ගත් අතර,

හොඳම සහය නිළිය ලෙස ‘Weapons’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් Amy Madigan සම්මානයට පාත්‍ර විය.

 

urnpublicidap.orgc64ae19ea012253e08a94206f130d22b98th Academy Awards Show 71066හොඳම සහය නිළිය ලෙස ඔස්කාර් සම්මානය දිනා ගත් Amy Madigan 

 

හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස ‘One Battle After Another’ චිත්‍රපටය වෙනුවෙන් පෝල් තෝමස් ඇන්ඩර්සන් ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ අතර, මීට පෙර ඔහු 14 වතාවක් ඔහු ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වී තිබුණද සම්මානයක් දිනා ගත් ප්‍රථම අවස්ථාව මෙයයි.

එමෙන්ම ඔහු හොඳම අනුවර්තිත තිර රචනය (Best Adapted Screenplay) සඳහා වූ ඔස්කාර් සම්මානයද 'One Battle After Another' චිත්‍රපටය වෙනුවෙන් දිනා ගැනීමට සමත් විය.


Paul Thomas Anderson Best Director 2 1හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස  ඔස්කාර් සම්මානය දිනා ගත් පෝල් තෝමස් ඇන්ඩර්සන්

 

මෙවර සම්මාන උළෙලට එක්කර තිබූ නව කාණ්ඩයක් වන හොඳම නළු නිළි වරණය (best casting) යටතේ පිරිණැමුණු පළමු ඔස්කාර් සම්මානය ජයග්‍රහණය කිරීමට ‘One Battle After Another’ චිත්‍රපටය වෙනුවෙන් Cassandra Kulukundis සමත් වීමද විශේෂත්වයක් විය.

 

GettyImages 2266301979

හොඳම නළු නිළි වරණය (best casting) යටතේ පිරිණැමුණු පළමු ඔස්කාර් සම්මානය ජයග්‍රහණය කිරීමට Cassandra Kulukundis සමත් විය.

 

ඊට අමතරව,

හොඳම මුල් තිර රචනය (Best Original Screenplay) සඳහා වූ ඔස්කාර් සම්මානය 'Sinners' චිත්‍රපටය වෙනුවෙන්  Ryan Coogler දිනා ගැනීමට සමත් විය.

හොඳම චිත්‍රපට සංස්කරණයට හිමි සම්මානය 'One Battle After Another' චිත්‍රපටය වෙනුවෙන් 'Andy Jurgensen' දිනා ගන්නා ලදී.

 

හොඳම සජීවිකරණ චිත්‍රපටය - ‘KPop Demon Hunters’ 

හොඳම ජාත්‍යන්තර චිත්‍රපටය (Best International Feature) - 'Sentimental Value' 

හොඳම වාර්තා චිත්‍රපටය (Best Documentary Feature)  'Mr Nobody Against Putin'  යන චිත්‍රපට සම්මාන දිනා ගන්නා ලදී.

 

සටහන - යූමාල් කසුන්

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom