යොවුන් හදවත් වසඟ කළ ගායක ජස්ටින් බීබර් ඉන්දියාවේ ප්‍රසංගයක් පවත්වන්නට ලකලැහැස්ති වන බව මීට සති කිහිපයකට උඩදී මුළු ලොව පුරා විසිරී ඇති ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.
පසුගියදා ඔහු ඉන්දියාවේ මුම්බායි නුවරදී ඒ ප්‍රසංගය පැවැත්වූයේ අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් මැද්දෙයි.
ඉන්දීය රසික කැල මහත් බලාපොරොත්තු සිත් තුළ රඳවාගෙනයි බීබර්ගේ ගීත ශ්‍රවණය කරන්නට පැමිණ සිටියත් ප්‍රසංගය ආරම්භයේ සිට අවසානය දක්වාම ප්‍රේක්ෂකයන්ට අසන්නට ලැබුණේ බීබර්ගේ සජීවිව ගායනා කරන ගීත නොවන බවටයි වාර්තා වන්නේ.
පසුබිමෙන් ඔහුගේ ගීත වාදනය වෙද්දී ඔහු කළේ ඒ අනුව තම තොල් සෙලවීම පමණක් බවද මේ නිසා ප්‍රේක්ෂකයන්ට සිදු වුණේ බීබර්ගේ පටිගත කළ ගීත මුසු වූ සජීවී නොවන ප්‍රසංගයක් නරඹන්නට සිදුවූ බවයි ප්‍රේක්ෂකයන් පවසා ඇත්තේ.
ප්‍රසංගයේ ටිකට් පත් වෙනුවෙන් විශාල මුදලක් ද ගෙවා මේ අයුරින් රැවටීමට ලක්වීම ගැන රසික රසිකාවියන් විශාල පිරිසක් මෙයට විරෝධය දැක්වූ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තාකර ඇත්තේ.