ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යාංශය යටතට ජාතික චිත්‍රපට සංස්ථාව පැවරීමට සූදානම්වන බවට මිරර් ආට්ස් වෙත වාර්තා වේ.
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යාංශය යටතට කිසිම විටක ජාතික චිත්‍රපට සංස්ථාව වැනි ආයතනයක් ඇතුලත් නොවන අතර චිත්‍රපට සංස්ථාව ඇතුලත් විය යුත්තේ ජනමාධ්‍ය අමාතංශයට හෝ සංස්කෘතික අමාත්‍යාංශට වන බව මේ පිළිබඳ අදහස් දැක්වූ විද්වතුන් පවසා සිටියේය.
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යාංශයක් යටතට කිසිදු අයුරකින් චිත්‍රපට සංස්ථාව අදාළත්වයක් නොමැති අතර දේශපාලනික කුණු කන්දල් හේතුවෙන් මෙරට සිනමාකර්මාන්තය වෙනුවෙන් පවතින එකම ආයතනය ද විනාශ නොකරන ලෙස මේ පිළිබඳ අදහස් දැක්වූ කලාකරුවන් මිරර් ආට්ස් වෙත පවසා සිටියේය.
එසේම මෙවැනි කිසිදු අයුරකින් නොගැලපෙන අමාත්‍යංශයක් යටතට චිත්‍රපට සංස්ථාව පවරනු ලබන්නේ නම් ‘මිරර් ආට්ස්’ අප ද ඒ පිළිබඳ දැඩිව විරෝධය පළකර සිටිමු.