එංගලන්තයේ මැන්චෙස්ටර්හි 'මැන්චෙස්ටර් අරීනා' ගෘහස්ථ ක්රීඩාංගනයේ පිපිරීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.
ක්රීඩාංගනයේ පැවති, ඇමෙරිකානු ගායිකාවකවන අරියානා ග්රෑන්ඩ් සහභාගී වූ සංගීත ප්රසංගයක් අවසානයේදී 'විශාල පිපිරුම්' හඬක් ඇසුණු බව සිද්ධිය දුටුවෝ පැවසුහ.
ඔවුන් සඳහන් කරන පරිදි අරීනා ගෘහස්ථ ක්රීඩාංගනයේ ප්රවේශපත් කාර්යාලය දෙසින් පිපිරීම් දෙකක් ඇසී තිබේ.
සිද්ධිය වූ ස්ථානයට ආසන්නයේ පිහිටි මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානය වසා දැමුණු අතර සියලු දුම්රිය ගමන් අවලංගු කර ඇත.
මේ අතර මැන්චෙස්ටර් පොලිසිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ සිද්ධිය වූ ප්රදේශයෙන් ඈත්ව සිටින ලෙසය.
-මුලාශ්ර බීබීසී-