සිනමාවට අලුතින්ම එන YK-1 යකාගේ කතාවක්
මාධ්‍යවේදියෙකු, ගත්කතුවරයෙකු සහ පිටපත් රචකයෙකු වන දිල්ෂාන් පතිරත්නගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය YK 1 යකාගේ කතාවක් සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගියදා නාවල ග්‍රෑන්ඩ් සෝලීස් හෝටලයෙදී පැවැත්විණි.
දිල්ෂාන් පතිරත්න සහ ශලනි තාරකා ප්‍රධාන චරිත මවන මෙහි ප්‍රියන්ත සිරිකුමාර, රියානා සොලමන්ස් , සමාධි ලක්සිරි, හර්ෂ තෙන්නකෝන්, සෙනේෂ් දිසානායක බණ්ඩාර, සනත් විමලසිරි , මිහිඳු ආරියරත්න, චානක බණ්ඩාර, මේධා ජයරත්න, මධුෂාන් හත්ලහවත්ත, සුරංගා රණවක, මධුෂාන් නානයක්කාර, නිපුනි පූජිත රංගනයෙන් දායක වෙති.
YK1 යකාගේ කතාවක් කැමරා අධ්‍යක්ෂණය ස්ට්රිනර් ඇඩම්ස් විසිනි. සංස්කරණයෙන් අජිත් රාමනායක, කලා අධ්‍යක්ෂණයෙන් තරිඳු ධනංජය දායක වෙති. අංගරචනය රන්දික ටිෂාන් ගෙනි. අචල සොලමන්ස් සංගීත අධ්‍යක්ෂණය සිදු කරයි. සහය අධ්‍යක්ෂණය සමිත් බෝධිපක්ෂ විසිනි. YK1 යකාගේ කතාවක්හි නිෂ්පාදන සැලසුම්කරණයෙන් ප්‍රවීන කටුකිතුල දායක වී ඇති අතර නිෂ්පාදනය කළමනාකරණය වින්සිත් විනෙත් කුමාරපේලි ගෙනි.
YK 1 යකාගේ කතාවක් අනුෂ්ක ඉඳුනිල් සහ ශෙහාන් සපරමාදුගේ අධ්‍යක්ෂණයකි.
-Rasaduna -




