lan englan tam

පුවත්

චරිතයක් තෝරා ගනිද්දී මගේ ලොකු සීමාමායිම් නෑ - නිහාරි පෙරේරා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
චරිතයක් තෝරා ගනිද්දී මගේ ලොකු සීමාමායිම් නෑ
නිහාරි පෙරේරා

මම මුලින්ම රඟපෑවේ තේජා ඉද්දමල්ගොඩ සර්ගේ ‘ක්ලැරන්ස් Rhythm Of the Guitar’ චිත්රපටයේ. තේජා සර් තමයි ප්රියන්ත කොළඹගේ සර්ට මා ගැන කියා තිබෙන්නේ. ඔහුගේ චිත්රපටයක රඟපාන්න මම හරිම ආසාවෙන් හිටියේ. මේ චරිතය ගැන විග්රහ කළාම මට ආස හිතුණා. මේ චරිතය මම කලින් කළ චරිතවලට වඩා වෙනස් චරිතයක්. ඒ නිසා තරුෂි චරිතය භාරගත්තා”.

‘ක්ලැරන්ස්’ චිත්රපටය නිහාරිගේ ප්රථම සිනමා රංගන අත්දැකීමයි. මෙයට පාදක වූයේ ජනප්රිය ගායකයකු වෙන ක්ලැරන්ස් විජේවර්ධනගේ ජීවිත කතාවයි. ඔහුගේ බිරිඳ වූ ‘ශීලා’ රිදී තිරයේ ජීවමාන කළේ ඇයයි. නිහාරි පෙරේරාට සිනමාවට පැමිණීමට මූලික අඩිතාලම වැටුණේද ‘ක්ලැරන්ස්’ හරහාය.
 
“මාව විශ්වාස කරලා ක්ලැරන්ස් චිත්රපටයේ ශීලාගේ චරිතය ලබාදීම ගැන අධ්යක්ෂ තේජා ඉද්දමල්ගොඩ සර්ටත් නිෂ්පාදක තුසිත විජේසේන සර්ටත් ස්තුති කරනවා. ඒ චරිතය සහ එහි මතකය මට සුන්දරතම අත්දැකීමක්.”
‘සූරිය සුළඟ’ අධ්යක්ෂ ප්රියන්ත කොළඹගේ ගේ අධ්යක්ෂණ කාර්යය පිළිබඳ නිහාරිට තිබුණේ මෙවැනි අදහසකි.
 
“මාව විශ්වාස කරලා තරුෂි චරිතය ලබාදුන්නාට ප්රියන්ත කොළඹගේ සර්ට ස්තුති කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. මම හිතනවා ප්රියන්ත සර්ට අවශ්ය ලෙස ඒ චරිතය ප්රේක්ෂකයාට භාර දුන්නා කියලා. මම ප්රියන්ත සර්ගේ Filmsවල ලොකුම fan කෙනෙක්. ප්රියන්ත සර් කියන්නේ අධ්යක්ෂණයේදී ඔහු නළු නිළියන්ව හොඳින් තේරුම් අරගෙන හොඳින් මෙහෙයවන අධ්යක්ෂවරයෙක්.”
 
‘සූරිය සුළඟ’ රංගන කාර්යයෙහිදී තමන්ට අනෙක් අයගේ සහය නොමඳව ලද බව නිහාරි පවසන්නේ සතුටෙනි.
 
“රංගනය කියන දේ මට තනියෙන් කළ හැකි දෙයක් නෙවෙයි. චිත්රපටයක් කරනවා කියන්නේ තනියෙන් ඇක්ට් කරන එක නෙවෙයි. එහිදී අනෙක් අයගේ සහය අත්යවශ්යයි. අනෙක් අයගේ සහය උපරිමයෙන් ලැබුණු නිසයි මට තරුෂි චරිතය ප්රේක්ෂකයාට හොඳින් ලබා දෙන්න හැකි වුණේ. මා සමඟ රඟපෑ හැමෝම මට ගොඩක් උදවු කළා. මම අලුත් කෙනෙක් කියන හැඟීම දැනෙන්න කිසිවිටක ඔවුන් ඉඩ දුන්නේ නැහැ.”
 
- rasaduna -

kemadasa

shungara

Back to top
Go to bottom