මේ ඡායාරූපය මේ දිනවල විවිධාකාරයට භාවිතා වන ජනප්රිය ඡායාරූපයකි.
ඒත් මේ ඉන්නේ මලයප්පා.
මලයප්පගේ කවුරුවත් මේ මහා ගංවතුරෙන් නැතිවුණේ නෑ.
ඒත් ගංවතුරට පෙර සිදුවූ අනතුරකින් මලයප්පගේ ආදරණීය මව මියගියා.
ඒ වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් කඩා වැටුණු අවස්ථාවේදී.
මලයප්පගේ අම්මා දින තුනකට පසුවයි සොයාගත්තේ.එතකොටත් ඇය මිය ගිහින්.මොනවා වුනත් මලයප්පා ජනප්රිය බව මලයප්පවත් තවම දන්නේ නෑ.
උපුටා ගැනීමකි
මෙය කවුරුන් විසින් කැමරාවට හසුකර ගත්තක්ද යන්න නොදන්නා නමුත් එය කතා කරන ඡායාරූපයක්. ඒ නිසාම බොහෝ දෙනෙක් මෙම ඡායාරූපය යොදාගෙන විවිධ ෆෝස්ට් පළ කරලා තිබුණා. බොහෝ දෙනෙක් කවි රචනා කරල තිබුණා. ඒ ෆෝස්ට් සහ කවි ඔහුගේ සැබෑ කතාව නොවුණ නමුත් මේ ඡායාරූපයේ සජීවී බව නිසාම එම නිර්මාණ වලටත් සමාජ ජාලා තුළ බොහෝ කැමැත්තක් ඇති වී තිබුණා.