ඇමරිකානු පොප් ගායිකා බියොන්සේ (Beyonce) නිවුන් දරු උපතක් සිදු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
එන්ටර්ටේන්මන්ට් වීක්ලි, US වීක්ලි සහ පීපල් මැගසින් යන සඟරා මෙම පුවත තහවුරු කර තිබේ. නමුත් දරුවන්ගේ උපත සිදු වූ දිනය, ලිංගභේදය පිළිබඳව තවමත් ප්‍රසිද්ධියට පත් කර නැත.
බියොන්සේ ගේ ස්වාමිපුරුෂයා වන රැප් ගායක Jay-Z ඇගේ ගර්භනීභාවය පිළිබඳව ඉන්ස්ටර්ග්‍රෑම් ඡායාරූපයක් ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේදීය.
ඉන්ස්ටර්ග්‍රෑම් ඉතිහාසය තුළ වැඩිම කැමැත්තක් ලබා ගත් ඡායාරූපය බවට ද එය පත්ව තිබුණි.
මෙම යුවලට බ්ලූ අයිවී නම් පස් හැවිරිදි දියණියක් ද සිටියි.
කෙසේ නමුත් බියොන්සේ සහ Jay- Z, දරු ප්‍රසුතිය පිලිබඳ පුවත නිල වශයෙන් තහවුරු කර නැත.
ග්රෑමී සංගීත සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවකට හිමිකම් ලබන තැනැත්තිය බියොන්සේ ය.
ඇය 2016 නිකුත් කළ ලෙමනේඩ් ඇල්බමය ලෝකයේ ඉහලම වාර්තාගත අලෙවියක් තැබූ ඇල්බමය බවට පත්විය.