සුප්‍රසිද්ධ ඇමරිකානු ගායිකාවක සහ ගීත රචිකාවක වන කේටි පෙරී ( Katy Perry), සිය ට්විටර් සමාජ ජාලා ගිණුමෙහි අනුගාමිකයන් මිලියන 100 ඉක්ම වූ ප්‍රථම පුද්ගයා බවට පත් වී ඇත.
වර්ෂ 2009 දී ගිණුම ආරම්භ කළ දින පටන් පල වූ ට්විටර් පණිවිඩ කිහිපයක එකතුවක් රැගත් වීඩියෝවක් වෙබ් අඩවිය මඟින් පල කර තිබුණේ “Today, we #WITNESS history” (ගමන් මගේ සාක්ෂිකරුවෝ අපි වෙමු) යනුවෙන් සඳහන් පණිවිඩයක් ද නිකුත් කරමින් ඇයට සුබ පතමිනි.
“WITNESS” යනු ඇගේ නවතම ගීත ඇල්බමයේ නාමයයි.
මිලියන 96.7 ක් වූ දෙවන ඉහලම ට්විටර් අනුගාමිකයන් සංඛ්‍යාවට හිමි කම් කියන්නේ කැනේඩියානු ගායක ජස්ටින් බිබර් ය.
එහි තෙවන ස්ථානය ඇමරිකානු හිටපු ජනපති බැරක් ඔබාමා විසින් අත් කරගෙන තිබේ.
ඒ රසිකයන් මිලියන 91 ක් සම්පුර්ණ කරමිනි.
ඉහල ප්‍රතිචාරයක් හිමි අනෙකුත් ගිණුම් 100 ගායකයන්, ක්‍රීඩා තරු, මාධ්‍ය ආයතන සහ දේශපාලන චරිත කිහිපයකින් සමන්විත බව ට්විටර් වෙබ් අඩවිය පවසයි.
දේශපාලන ක්ෂේත්රයේ සිය ධුරය හොබවමින් මිලියන 32.4 ක් වූ වැඩිම අනුගාමිකයන් ප්‍රමාණයකට හිමිකම් කීමට හැකියාව ලැබී ඇත්තේ ඇමරිකා ජනපති ඩොනල්ඩ ට්‍රම්ප් හට ය.
ඔහු එම ලේඛනයේ 33 වන ස්ථානයේ පසු වේ.