ග්‍රන්ථකරණයේ නියැලෙන්නන් වෙනුවෙන් පිරිනැමෙන අන්තර්ජාතික මෑන් බුකර් සම්මානය ප්‍රථම වතාවට ඊශ්‍රායල් ලේඛකයකුට හිමි විය.
A Horse Walks Into a Bar නම් කෘතිය වෙනුවෙන් ඩේවිඩ් ග්‍රොස්මන් නම් 63 හැවිරිදි ලේඛකයා සහ ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තිකා ජෙසිකා කෝහෙන් යන දෙදෙනාම මෙම සම්මානයෙන් පිදුම් ලැබුණි.
එසේම ලන්ඩනයේ පැවති සම්මාන උත්සවයේදී ඔවුන්ට බ්‍රිතාන්‍ය පවුම් 50,000 ක මුදලක් ද හිමි විය.
මෙම කෘතිය මාතෘකා 126 ක් අතරින් මෑන් බුකර් සඳහා තේරී පත් විය.
A Horse Walks Into a Bar කතාව ඊශ්‍රායල් හි කුඩා නගරයක ජිවත් වන ප්‍රහසන ශිල්පියකු ආශ්‍රය කොටගෙන රචනා කර ඇත.
එහි පරිවර්තිත ග්‍රන්ථය වර්ෂ 2016 මැයි සහ 2017 අප්‍රේල් යන කාලය අතර එක්සත් රාජධානියෙහි ප්‍රකාශයට පත් වී තිබේ.
මේ වනවිට ග්‍රොස්මන් ගේ කෘති භාෂා 30 කට අධික ප්‍රමාණයකට පරිවර්තනය වී ඇත.