හොලිවුඩ් සිනමාවට අලුතින් එකතු වීමට නියමිත සිනමාපට දෙකක නවතම ට්රේලර්පට නිකුත් වී තිබෙනවා.
ඇනිමේෂන් සිනමාවට කැමති ඔබටත් ෆැන්ටසි සිනමාවට කැමති ඔබටත් මිරර් ආර්ට් හඳුන්වාදෙන නවතම චිත්‍රපට දෙක තමයි ඇනිමල් ක්‍රැකර් සහ ද ශේප් ඔෆ් වෝටර් කියන්නේ .
ඉන් පළවෙනියටම තිරගත විමට නියමිත ඇනිමල් ක්‍රැකර් ගැන මුලින්ම කතා කරමු.
ඇනිමේෂන් චිත්‍රපටයක් වන මෙය හාස්‍ය මුසු ක්‍රියාදාම නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
ඉවත් කරන්නට සුදානම් කර ඇති සර්කස් එක නැවත ගොඩ නැගීමට නම් ස්ටැබීගේ පවුලට අනිවාර්යයෙන්ම මැජික් පෙට්ටිය පාවිච්චි කරන්න වෙනවා. මේ පෙට්ටිය පාවිච්චි කරන කොට සිද්ධ වෙන අමුතු අමුතු දේවල් තමයි ඇනිමල් ක්‍රැකර් හි තේමාව වෙලා තියෙන්නේ.
චිත්‍රපට අධ්‍යක්ෂණය ටෝනි බන්ක්රෝෆ්ට් සහ ස්කොට් සාවා.
ඇනිමල් ක්‍රැකර් තිරගතවන්නට නියමිත සැප්තැම්බර් 1 වැනිදා.
1963 ඒ කියන්නේ සිතල යුද්ධය පැවති කාල වකවානුව ශේප් ඔෆ් වෝටර් සිනමාපටයට පාදක වෙලා තියෙනවා.
මෙහි අධ්‍යක්ෂණය ගුලෙර්මෝ දෙල් ටොරෝ.
ෆැන්ටසි සහ ක්‍රියාදාම නිර්මාණයක් ලෙස චිත්‍රපටය හඳුන්වනවා.
රජයේ අධි ආරක්ෂිත පර්යේෂණාගාරයක රැකියාව සිදු කරන එලිසාට හමුවන රහසිගත පර්යේෂණ ප්‍රතිපලය නිහඬ ඇගේ ජීවිතය වෙනස් කරන්නට සමත් වෙනවා.
ශේප් ඔෆ් වෝටර් රහස දැනගන්න නම් දෙසැම්බර් 8 වැනිදා වෙනකම් බලාසිටින්නට සිදු වේවි.