එලි දැක්වීමෙන් හය මාසයකට පසුව ලොව වැඩි දෙනෙක් නැරඹු ජනප්‍රියම ගීතය බවට ලුවිස් ෆොන්සිගේ ඩේස්පසිටෝ ගීතය පත් වී ඇත.
නැරඹුම් ජාල සේවා ඔස්සේ බිලියන 4.6 වතාවක් “ඩේස්පසිටෝ” ගීතය නරඹා ඇති අතර මිට පෙර එම ස්ථානයේ පසු වූ ජස්ටින් බිබර්ගේ “සොරි” ගීතය තැබූ වාර්තාව පසුකොට යාමට ද එය සමත්ව තිබේ.
ස්පාඥ්ඥ බසින් ගයනා කරන “ඩේස්පසිටෝ” හි රිද්මයට බොහෝ දෙනකු ප්‍රිය කරති.
“මට අවශ්‍ය කලේ මිනිසුන්ට නටන්න පුළුවන් දෙයක් කරන්නයි,” යනුවෙන් 39 හැවිරිදි ලුවිස් පවසයි.
ලොව පුරා ප්‍රසිද්ධියට පත් මෙම ගීතය එක්සත් රාජධානිය ඇතුළු රටවල් 35 ක ගීත දර්ශකවල ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇත.