රංගන ශිල්පියකු මෙන්ම නිෂ්පාදකවරයකු වන සුප්‍රකට බොලිවුඩ් තරුව ජෝන් ඒබ්රහම්ගේ මීළඟ චිත්‍රපටය වන්නේ “පර්මාණු- ද ස්ටෝරි ඔෆ් පොක්රාන්”.
එය සත්‍ය කතාවක් ඇසුරින් සැකසුණු නිර්මාණයක් බව ඔහු ප්‍රකාශ කර සිටියේය.
අතල් බිහාර් වජ්පායි ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය දැරූ 1998 වසරේදී පොක්රාන් හි සිදු කෙරුණු න්‍යෂ්ටික අත්හදා බැලීමක් චිත්‍රපටය සඳහා පාදක වී ඇති බව වැඩි දුරටත් ඔහු පැවසුවේය.
මෙම නිර්මාණය හිටපු නායකතුමාට ගෞරව පුද කිරීමක් ලෙස සැකසුනේ දැයි ජෝන් ගෙන් විමසු විට ඔහු මෙසේ කියා සිටියේය.
“මම හිතන්නේ එය ඉතාමත් සිත්ගන්නා සුළු චිත්‍රපටයක්. අතල් බිහාර් වජ්පායි කියන්නේ අපිට හිටපු ශ්‍රේෂ්ට නායකයෙක්. නමුත් මෙය සිනමාපටයක් එය විනෝදජනක විය යුතුයි. මෙහි දේශපාලනය සඳහන් වුවත් ඒවා ප්‍රසිද්ධ කරුණු. අපි විනෝදජනක චිත්‍රපටයක් නිම කරන්න උත්සහ කළා පමණයි,”
“අපි තිර රචනය තෝරා ගැනීමේදී වඩාත් ප්‍රවේසම් වුණා. මොකද අද ප්‍රේක්ෂකයෝ චිත්‍රපට අන්තර්ගතය ගැන ලොකු අවධානයක යොමු කරනවා,” යනුවෙන් ජෝන් ඒබ්‍රහම් අවසානයේදී කියා සිටියේය.
පර්මාණු එළැඹෙන දෙසැම්බරයේදී තිරගත වීමට නියමිතය.
චිත්‍රපටය අභිෂේක් ශර්මාගේ අධ්‍යක්ෂණයකි.