යොවුන් පොප් ගායක ජස්ටින් බීබර්ට චීනයේ සිය සංගීත සංදර්ශන පැවැත්වීම තහනම් කරන බව බෙයිජිං අගනුවර පිහිටි සංස්කෘතික බියුරෝව පවසයි.
"නරක හැසිරීමක්" සහිත තරුණ පොප් ගායකයාට සිය රටේ සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර දිය නොහැකි බව නිවේදනයක් නිකුත් කරමින් සංස්කෘතික අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
"ජස්ටින් බීබර් යනු ඉතාමත් දක්ෂ ගායකයෙක් වන නමුත් ඔහු මතභේදයට ලක් වූ විදේශීය ගායකයෙකි," යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් වේ.
ලොව වටා ගැහැණු ළමුන් ජස්ටින් බීබර් හට උමතු රසිකත්වයක් දක්වන අතර ඔහුගේ ඇතැම් ක්‍රියා කලාපයන් නිසා මෙසේ ඔහුගේ ප්‍රසංග තහණමට ලක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ