ඉන්දියාව සමඟ පැවති අවසන් තරඟයෙන් එංගලන්ත කණ්ඩායමට ජයග්රහණය අත්කරදෙමින් පසුගියදා නිමාවට පත් වූ කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරඟය නැරඹීමට බොහෝ බොලිවුඩ් තරු එක් වී සිටියහ.
ඔවුන් ද රසිකයන් සමඟ එක් වී ඉන්දීය කණ්ඩායමට ප්රීතිඝෝෂා කරමින්, දිරිගැන්වීමට කටයුතු කරන ලදී.
ලෝඩ්ස් ක්රීඩාංගනයේ පැවැත්වුණු තරඟය සඳහා සුප්රකට නළු අක්ශේ කුමාර් ද එක්ව සිටියේය.
ජයඝෝෂා නඟන අතරතුර ඔහු ලබා ගත් ඡායාරුවක් සමාජාජාලයක පල කිරීමෙන් අනතුරුව ඔහුගේ රසිකයන් තරමක් නොසන්සුන් වී තිබුණි.
ඒ ඔහු විසින් ඉන්දීය ජාතික කොඩිය උඩු යටිකුරු කර අල්වාගෙන සිටීම නිසයි.
කෙසේ වෙතත් ටික වෙලාවකට පසුව එම ඡායාරූපය ඉවත් කරගත් අක්ශේ තමන් අතින් සිදු වූ වැරැද්දට සමාව අයැද තිබේ.