බොලිවුඩ් රංගන ශිල්පී ටයිගර් ශ්රොෆ් රංගන දායකත්වය ලබා දෙනා මුන්නා මිචෙල් සිනමාපටය පසුගියදා ඉන්දියාවේ තිරගත වීම ආරම්භ කළා.
කොහොම නමුත් බොලිවුඩ් වාර්තා පෙන්වා දෙන්නේ තිරගත කර දින තුනක් ඇතුලත චිත්රපටය රුපියල් කෝටි 20 ක මුදලක් උපයා ඇති බවයි.
නර්තන අංග රැසක් සපිරි නිර්මාණය පළමු දිනය තුළ පමණක් රුපියල් කෝටි 6.70 ක් උපයා තිබෙනවා.
මුන්නා තමන්ගේ සිහින මුදුන්පත් කරගන්න දරන උත්සාහය හරි අපුරුවට ටයිගර් විසින් නිරුපනය කර ඇති බව විචාරකයන් මත පල කර සිටිනවා. ඔහු සමඟ නිදී අගර්වාල් ද රංගනයෙන් එක් වනවා.
සිනමාපට අධ්යක්ෂණය සබ්බීර් කාන් විසින්.
චිත්රපට ධාවන කාලය විනාඩි 140 කි.
නර්තනය පිරි සිනමාපටයකට කැමති ඔබට මුන්නා මිචෙල් අලුත්ම අත්දැකීමක් වන බවට නොඅනුමානයි.