ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ජස්ටින් බිබර්ගේ “පර්පස්” සංගීත සංචාරය නොවැලක්විය හැකි හේතුන් මත අවලංගු කර ඇති බව ඔහුගේ ප්‍රසංග සංවිධායකයෝ පවසති.
ඒ හේතුවෙන් ඉදිරි මාස තුනහි දින 14 ක ආසියාව, උතුරු ඇමරිකාව ඇතුළු ස්ථාන කිහිපයක සුදානම් කර තිබූ ප්‍රසංග නොපැවැත්වෙනු ඇත.
2015 නිකුත් වූ පර්පස් ඇල්බමය වෙනුවෙන් 2016 මාර්තු මස සිට ප්‍රසංග 150 කට අධික සංඛ්‍යාවක් සඳහා ජස්ටින් සහභාගී වී තිබුණි.
2017 පළමු අර්ධය තුළ ඩොලර් මිලියන 93.2 ක් මුදලක් උපයා ගැනීමට හැකි වූ අතර එක් දිනකට ටිකට්පත් 40,000 ක් පමණ අලෙවි වී ඇත.
ප්‍රසංගය අවලංගු කිරීම සඳහා හේතුව ජස්ටින් තවමත් ප්‍රකාශ කර නොමැත.
මෙම සිදුවීම නිසා ඇමරිකා එක්සත් ජනපදය, ජපානය,හොංකො, පිලිපීනය,සිංගප්පූරුව සහ ඉන්දුනීසියාව යන රටවල්වල පැවැත්වීමට නියමිතව තිබූ සංගීත සංදර්ශනය නොපැවැත්වෙනු ඇත.
කෙසේ වෙතත් ජස්ටින් බිබර්ගේ අයහපත් ක්‍රියාකලාපය නිසා ඔහුට චීනය තුළ ප්‍රසංග පැවැත්වීම තහනම් කිරීමට පසුගියදා එරට බලධාරීන් තීරණය කර තිබුණි.