සුප්රකට බොලිවුඩ් නිළි කාජල් දමිළ සිනමාපටයකට සිය රංගන දායකත්වය ලබා දෙන්නේ වසර විස්සක කාලයකට පසුව යි.
ඒ VIP 2 චිත්රපටය සමඟින්.
කෙසේ වෙතත් 42 හැවිරිදි රංගන ශිල්පිනිය පවසන්නේ සිනමාපටය සම්බන්ධයෙන් ධනුෂ් තමන්ට බොරු පවසා ඇති බවයි.
VIP 2 හි දෙබස් 50% ක ප්රමාණයක් ඉංග්රීසි බසින් ලියා ඇති බව පැවසුවත් එවැනි දෙයක් සිදු නොවූ බව ඇය පවසයි.
“ඒ ගැන මෙහෙම කියන්න පුළුවන්. ධනුෂ් ඇත්තටම මට බොරු කරලා නැහැ, ඒත් ඔහු ගණිතයට නම් හරිම අදක්ෂයි,”
ඇගේ දමිළ භාෂා උච්චාරණය ප්රේක්ෂකයාට වටහා ගැනීමට හැකි වේදැයි තමන් කනස්සල්ලෙන් පසුවන බව ඇය පැවසුවාය.
“ගොඩක් කාලෙකට පසුව සිදුකල දමිළ නිර්මාණය රසික ජනතාව ඉතාමත් ආදරයෙන් වැළඳගත් බව මට කියන්න සතුටුයි,”
2014 නිකුත් වූ VIP සිනමාපටයේ දෙවන නිර්මාණය වන VIP 2 ප්රේක්ෂකයා වෙත නිකුත් කරන දිනය කල් ගොස් ඇති අතර නිශ්චිත දිනයක් තවම ප්රකාශයට පත් කර නැත.