අපි දැන් කතා කරන්න යන්නේ පොඩිහිටියන්ට වගේම වැඩිහිටියන්ට එකට එකතු වෙලා බලන්න පුළුවන් සිනමා නිර්මාණයක් ගැන.
දුරකතනයේ ඉන්න ඉමොජි රූප කියන්නේ අපේ අදහස් ප්රකාශ කරන්න තාක්ෂණයෙන් හඳුන්වා දී තියෙන තවත් එක් ක්රමයක්.
මේ ඉමොජි රූපවලට ජිවත් වෙන්න වෙනම ලෝකයක් තියෙනවනම් .... ඒක තරමක් අමුතු කතාවක් වේවි.
ජින් කියන්නේ එක එක ස්වරූප ලබා ගන්න පුළුවන් ඉමොජි ලෝකේ ජිවත් වන ඉමොජි කෙනෙක්.
ඉතින් මේ ජින්ගේ අමුතු කතාව ප්රේක්ෂක ඔබ අතට පත්වීමට තව වැඩි දවසක් නැහැ.
එළැඹෙන 28 ඒ කියන්නේ ජූලි 28 ඇමරිකා එක්සත් ජනපදයේදී තමයි ප්රථම දර්ශනවාරය පවත්වන්නට සුදානම් කරලා තියෙන්නේ.
මේ සඳහා සුප්රකට හොලිවුඩ් නළු, නිලියන් විශාල ප්රමාණයක් හඬ දායකත්වය ලබා දී තිබෙනවා.
ඉමොජි අධ්යක්ෂණය ටෝනි ලියෝන්දිස් විසින්.
ඇනිමේෂන් ලෝකයට “ඉමොජි” අලුත් එළියක් එක් කරාවි කියලා තමයි හැමෝගෙම අදහස.