“කුච් කුච් හෝතා හේ” සහ “මයි නේම් ඊස් කාන්” චිත්‍රපට තිරගත වන අවස්ථාවේදී බොලිවුඩය තුල වඩාත් රසික ජනාදරයට පත් මිත්රයින් යුගල විදියට කාජල් සහ කරන ජොහාර් හඳුන්වන්නට පුළුවන්.
නමුත් දැන් කාජල් ඔහු පිළිබඳව කතා කරන්නට පවා අකමැති බවයි බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
චිත්‍රපට නිර්මාණකරු සමඟ නැවත සම්බන්ධ වීමට අවස්ථාවක් නොමැති බව ඇය අඟවා තිබේ.
ඔවුන් දෙදෙනාගේ වසර 25 කට ආසන්න මිතුදම කාජල්ගේ ස්වාමිපුරුෂයා වන අජේ දේව්ගන්ගේ “ශිවායි” සහ කරන්ගේ “යේ දිල් හේ මුශ්කිල්” සිනමාපට තිරගතවීමට පෙර නිමා වූ බව කරන් රචිත චරිතාපදානයේ සඳහන් වේ.
පසුගිය වසරේ දීපාවලි සමයේ ප්‍රදර්ශනය ආරම්භ කල මෙම නිර්මාණ දෙක තිරගත කිරීම් සම්බන්ධයෙන් යම් ගැටුම්කාරී තත්වයක් ඇති විය.
තමන්ට වැඩ කිරීමට පහසු පිරිසක් සමඟ පමණක් ඉදිරියේදී සම්බන්ධ වන බව කාජල් සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී පවසා තිබුණි.
“තමන් සමඟ වැඩ කරන අය සමඟ අපහසුවෙන් සිටිනවානම්, ඔබට යම් දෙයක් වෙනුවෙන් කතා කරන්න බැරිනම් නැතිනම්, ඒ පිරිස සමඟ කතා කරන්නට බැරි නම් වැඩක් නැහැ. මම හිතනවා සන්නිවේදනය තමයි මිනිස්සු එක්ක වැඩ කරන්න පුළුවන් පහසුම විදිය,”
කරන ජොහාර් සමඟ නිර්මාණ කරන්නේ දැයි ඇගෙන් විමසූ විට “මම ඒකට මෙහෙම උත්තරයක් දෙන්නම් . වෙන ඕනෑම යහළුවෙක්ට මා එක්ක චිත්‍රපටයක් කරන්නට අවශ්‍ය නම් මම අනිවාර්යයෙන් ඒ දේ කරනවා,” යනුවෙන් පැවසුවාය.