හොලිවුඩ් සිනමාවට පිවිසීමට නියමිත නවතම සිනමාපට තුනක ට්රේලර්පට පසුගියදා එළි දැක්වුණා.
ටෙම්පල්, බ්‍රෑන්ඩඩ් සහ සබර්බිකන් යන මේ චිත්‍රපට තුන පිළිබඳවයි අද අපි කතා කරන්නේ.
ඓතිහාසික කතා ගණයට වැටෙන “ටෙම්පල්” චිත්‍රපටය ත්‍රාසජනක සිනමාපටයක් ලෙස ද හඳුන්වන්නට පුළුවන් . ජපානයේ පිහිට ඇති පුරාණ පන්සලක් සොයා යන ඇමරිකානුවන් තිදෙනකුට මුහුණ දීමට සිදු වන භයානක ඉරණම මෙහි කතාවට පාදක වී තිබෙනවා. “ටෙම්පල්” සැප්තැම්බර් 1 වැනිදා ජපානයේ සහ ඇමරිකාවේ තිරගත වීමට නියමිතයි.අධ්‍යක්ෂණය මයිකල් බැරට් විසිනි.
“බ්‍රෑන්ඩඩ්” කියන්නේ මුදලට මනුෂ්‍ය ඝාතන,අපරාධ කෙරෙන ලෝකයට කිඳා බැලීමක් කියලා කියන්නත් පුළුවන්. ඔවුන් ඝාතන සිදු කිරීමට අවියක් ලෙස මුලික කරගන්නේප්රචණ්ඩත්වය, ලිංගිකත්වය. මෙම ඝාතන කල්ලිය සහ පොලිසිය අතර වන ක්‍රියාදාමය මුලික කරගනිමින් “බ්‍රෑන්ඩඩ්” නිම කර තිබෙනවා. චිත්‍රපටය නැරඹීමට නම් 2018 වනතෙක් ඉන්නට සිදුවේවි.
අද කතා කරන අවසාන චිත්‍රපටය තමයි “සබර්බයිකන්”. හාස්‍යජනක, අභිරහස් සහ අපරාධ ගණයට සිනමාපටය අයත් වනවා. සබර්බයිකන් කියන්නේ ඉතා සාමකාමී, ශාන්ත පරිසරයකිනන් වගේම එවැනිම ජනතාව සිටින නුවරක්. ඒත් වැඩි දවසක් නගරය සාමකාමිව පවතින්නේ නැහැ. එයට හේතුව දැනගන්න නම් එළැඹෙන නොවැම්බර් 3 වැනිදා වනතෙක් ඉන්නට සිදු වේවි. “සබර්බයිකන්” අධ්‍යක්ෂණය ජෝර්ජ් ක්ලූනි.
“සබර්බයිකන්”
“බ්‍රෑන්ඩඩ්”
“ටෙම්පල්”