මෙම වර්ෂයේ ඉහලම් අදායම් වාර්තා තබා ඇති DJ කලාකරුවන්ගේ ලේඛනයක් ෆෝබ්ස් සඟරාව විසින් එලි දක්වා තිබේ.
ෆෝබ්ස් සඟරාව විසින් ඔවුන් හඳුන්වා දී ඇත්තේ ඉලෙක්ට්‍රොනික් කෑෂ් කිංග්ස් ලෙසින්ය.
පිට පිටම පස් වැනි වසරටත් එහි පෙරමුණ ලබා ගැනීමට කැල්වින් හැරිස් සමත්ව ඇත.
ඔහු පසුගිය මාස 12 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 48.5 ක් උපයා තිබේ.
- කැල්වින් හැරිස්- ඇමරිකානු ඩොලර් 48,500,000
- ටියෙස්ටෝ- ඇමරිකානු ඩොලර් 39,000,000
- ද චේන් ස්මොකර්ස්- ඇමරිකානු ඩොලර් 38,000,000
- ස්ක්රිල්ලේක්ස්- ඇමරිකානු ඩොලර් 30,000,000
- ස්ටීව් අවුකි - ඇමරිකානු ඩොලර් 29,500,000
- ඩිප්ලෝ - ඇමරිකානු ඩොලර් 28,500,000
- ඩේවිඩ් ගුවෙටා - ඇමරිකානු ඩොලර් 25, 000,000
- මර්ශ්මෙලෝ - ඇමරිකානු ඩොලර් 21,000,000
- මාටින් ගැරික්ස් - ඇමරිකානු ඩොලර් 19,500,000
- සෙඩ් - ඇමරිකානු ඩොලර් 19,000,000