අවුරුදු 9 ක් වයසැති පිරිමි ළමයෙක් සහ 18 වයසැති තරුණියක් අතර ඇතිවුණු ආදර කතාවක් පාදක කරගනිමින් නිමවුණු ඉන්දීය ටෙලි නාට්‍යයක් එරට විකාශය කිරීම තහනම් කර තිබේ.
ළමා විවාහ සඳහා අනුබල ලබා දෙන බවට විවේචන විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වීම නිසා දිනපතා විකාශය වුනු “පෙහෙරේදර් පියා කි” (ස්වාමියාගේ රැකවලා) නම් ටෙලි නාට්‍ය මෙසේ තහනමට ලක් වී ඇත.
මතබේදයට තුඩු දුන් නාටකය විකාශය නවතා දමන බව 29 අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් සෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් ආයතනය ප්‍රකාශ කර තිබුණි.
නමුත් එසේ කිරීමට හේතුවක් දක්වා තිබුනේ නැත.
ජුලි මැද විකාශය කිරීම ආරම්භ කළ ටෙලිය “වහාම නවතා දැමිය යුතු” බවට සඳහන් කරමින් මුම්බායි රාජ්‍ය නොවන ආයතනයක් වූ ජේ හෝ පදනම, බලධාරීන් වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇත. අශෝබන, දරුවන්ට නුසුදුසු යන කරුණු පැහැදිලි කරමින් එය ලියවී තිබේ.
ළමා විවාහ විශාල අර්බුදයක් බවට පත්වුණු ඉන්දියාවේ සමාජ මාධ්‍ය ද මේ පිළිබඳව සිය විරෝධය පල කිරීමට කටයුතු කර තිබුණි.
මෙහි දැනට විකාශය වූ කතාව නම් මෙසේය,
රතන් කුමාර් නම් පිරිමි ළමයා, සුන්දර දියා නම් තරුණිය දුටු පමණින් ආලයෙන් බැඳෙයි. රජ කුමරුවෙක් වූ ඔහු නැසීමට පවුලේ ඥාතීන් සිදු කරන කරදර වලින් මුදවා ගැනීමට සිටින එකම පුද්ගලයා ලෙස දියා නම් සැලෙකන අතර රතන්ගේ පියා මිය යාමට පෙර ඔහුගේ ආරක්ෂකයා ලෙස පත් කර සිටින්නේ ද ඇයයි.