මෙවර ස්වර්ණ පුස්තක සම්මානය නිශ්ශංක විජේමාන්න ලියූ "හඳ පළුව තනි තරුව " නවකතාව හිමිකරගත්තේය.
ශ්‍රී ලාංකේය නවකතාවට පිදෙන ප්‍රකාශක උත්තමාචාරය ‘ස්වර්ණ පුස්තක’ සම්මාන උළෙල මෙවරත් උත්කර්ෂවත් අයුරින් අද 09 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විය.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේ දී පසුගිය වසරේ ප්‍රකාශිත නවකතා අතුරින් ප්‍රශස්තම කෘතියක් සහ තවත් කෘති 4 ක් ඇගයීමට ලක් කිරිම මෙහිදි සිදු කෙරෙයි.
එහි අවසන් වටයට නිර්දේශිත අනෙක් කෘතීන් වුයේ. සිය සිය පත්සිය – සුමිත්‍රා රාහුබද්ධ , ගරුඬ මුහුර්තය – කීර්ති වැලිසරගේ , වණ්ණ දාසී කත්‍යානා අමරසිංහ ප්‍රංශ පෙම්වතා – ශමෙල් ජයකොඩි යන කෘතින්ය.