ලොව විශාලතම පොත් අලෙවිය වන Big Bad Wolf පොත් අලෙවිය ලබන ඔක්තෝබර් 5 වනදා සිට 15 වනදා දක්වා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
මෙම පොත් අලෙවියෙහි විශේෂත්වය වන්නේ එය පැය 24 පුරාම විවෘතව පැවතීමයි. එසේම මෙම පොත් අලෙවිය පැය 255ක් විවෘතව තැබීමට නියමිතය.
පොත් පත් පරිශීලනය කරන්නන්ට නොනැවතී එක දිගට දින 11ක් තිස්සේ පොත් පත් මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව සැලසෙයි.
උසස් තත්වයේ නවතම ඉංග්‍රිසි පොත් පත් රැසක් මෙහිදී අලෙවි කීරිම මඟින් ශ්‍රී ලාංකිකයන් තුළ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සහ පොත පත කියවීමේ වටිනාකම ප්‍රචලිත කිරීම ද මෙහි තවත් අපේක්ෂාවකි.
විවිධ පොත පත රැසක් එකම වහලක් යටදී අඩුම මිලකට මෙහිදී මිලදී ගැනීමට අවස්ථාව සැලසේ.
ලොව පුරා අතිශය ජනප්‍රිය ඉංග්‍රීසි පොත් 20000ක් ද ඇතුළුව විවිධ ෂානරයන්ගෙන් යුත් මිලියන 1.5කට අධික පොත්පත් ප්‍රමාණයක් මෙහිදී අලෙවි කෙරේ. චරිත කථා, ප්‍රබන්ධ, ප්‍රබන්ධ නොවන, සාහිත්‍ය, ඉවුම් පිහුම්, ළමා පොත් වැනි කුඩා පොත පත සහ දෙමව්පියන්ට, ගුරුවරුන්ට සහ ළමයින්ට වැදගත් වන අධ්‍යාපනික පොත පත ද ඒ අතර වෙයි. ඉතා දුර්ලභ සීමිත පිටපත් සංඛ්‍යාවලින් යුතු පොතපත එකතු කරන්නන්ට ද මෙම අවස්ථාව කදිම අවස්ථාවකි. දේශීය පොතපත අලෙවි කරුවන්ටද මෙම අලෙවියෙහි අවකාශයක් වෙන් කර දී ඇති අතර DVD සහ Blu-Ray චිත්‍රපට මිලදී ගැනීමටද මෙහිදී අවස්ථාව සැලසෙයි.
Big Bad Wolf Book Sale හි නිල වෙබ් අඩවියට පිවිසීමෙන් Wolf Pack සමාජිකත්වය හා ලියාපදිංචි වී මෙම පොත් අලෙවියේ දී විශේෂ වරප්‍රසාද ලබාගත හැකිය.
https://www.bigbadwolfbooks.com/lk/register/english.