කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ කර හය වැනි දිනය වනවිට ලක්ෂ 7 කට අධික ජනකායක් ප්‍රදර්ශන භුමිය තුලට පැමිණ ඇති බව පොත් ප්‍රදර්ශන කමිටු සභාපති සමන්ත ඉන්දීවර පවසා තිබේ.
ශ්‍රී ලංකා පොත් ප්‍රදර්ශකයන්ගේ සංගමය විසින් 19 වැනි වරටත් සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය දින 9 ක් පුරාවට පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
එය පසුගිය 15 වැනිදා ආරම්භ කළ අතර එළැඹෙන 24 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ.
මෙවර ප්‍රදර්ශන කලාපය පොලිතින් භාවිතය අවම කලාපයක් බවට පත් කිරීමට සහය ලබාදෙන ලෙස ද පොත් ප්‍රදර්ශන කමිටු සභාපති වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.