ලංකා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ගේ සංසඳයේ සභාපති ලෙස ජාතික රුපවාහිනී සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන තේරී පත් විය.
මෙම පත්වීම සිදු කෙරුණේ ඊයේ (20) දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වුණු එම සංසඳයේ ආරම්භක සැසියේදිය.
ලංකා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ගේ සංවිධානයේ නිලධාරී මඩුල්ල ද එම අවස්ථාවේදී තෝරා පත් කර ගැනුණි.
ඒ අනුව සංසඳයේ ලේකම් ලෙස දෙරණ මාධ්‍ය ජලයේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ, උප සභාපති ලෙස නෙත් එෆ් එම් මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී අසංග ජයසුරිය, උප ලේකම් ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන, කැඳවුම්කරු ලෙස නෙත් එෆ් එම් මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය සාමාන්‍යධිකාරී නුවන් ලියනගේ , අනුශාසක ලෙස ටි.එන්.එල්. මාධ්‍ය ජලයේ සභාපති ශාන් වික්‍රමසිංහ ද පත්විය.
එම අවස්ථාවට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු අධ්යක්ෂ රංග කලන්සුරිය එක් වී සිටියේය.