රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.
අද(29) පෙරවරුවේ ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට බාරදී ඇත.
පෞද්ගලික හේතුවක් මත ඔහු එසේ ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
ප්‍රවීන මාධ්‍යවේදියකු වන ඔහු 2016 වසරේ ජුනි මස සිට රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරනු ලැබුවා.