සුප්‍රකට බීට්ල්ස් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගිටාර්වාදක ජෝර්ජ් හැරිසන් විසින් වාදනය කළ සහ ඔහුට අයිතිව තිබු සිතාරය ඩොලර් 62,500 ක් මුදලකට එක්සත් ජනපදයේදී වෙන්දේසි වී තිබේ.
ජෝර්ජ් මෙම සිතාරය මිලට ගෙන ඇත්තේ ලන්ඩන් නුවර ඔක්ස්ෆර්ඩ් විදියේ පිහිටි අලෙවි සැලකිනී. ඒ 1965 දිය.
බීට්ල්ස් ගීතයක් වන “නෝවේජියන් වුඩ්” පටිගත කරන කාලවකවානුවේදී ඔහු මෙම වාදන භාණ්ඩය පරිහරණය කර ඇත.
කොල්කටාවේ සුප්‍රකට සංගීත සාප්පුවකින් නිපදවා ඇති මෙම ඉන්දියානු සංගීත භාණ්ඩය පසුකාලීනව ජෝර්ජ් ගේ පළමු බිරිඳ පැටි බෝයිඩ්ගේ මිතුරියකට තෑගී දී තිබේ.
වෙන්දේසියේදී සිතාරය මිලට ගත් තැනැත්තාගේ නම වෙන්දේසිකරුවන් විසින් මාධ්‍ය වෙත පවසා නැත.
කෙසේ වෙතත් ජෝර්ජ් විසින් වාදනය සැපයු “නෝවේජියන් වුඩ්” ගීතය පිළිබඳ 2000 වසරේදී සුප්‍රකට සිතාර් වාදක රවී ශංකර් විසින් විමසු විට ඔහු පවසා ඇත්තේ තමන් එම වාදනයෙන් විස්මයට පත් නොවූ බවයි.
“මට එය විශ්වාස කළ නොහැකි වුණා, හරි අමුතු හඬක් එයින් පිට වුනේ. එය වයලිනයේ නාදය නියමාකාරයෙන් හඳුනන ඔබ ඉදිරියේ ඉන්දීය ගැමියෙක් වයලීනය වාදනය කරන්න උත්සහ කරනවා හා සමානයි,”
ජෝර්ජ් මේ අදහසට පසුව සිය එකඟතාවය පල කර තිබුණි.
“මම එය ක්‍රියාකරන හැටි දැනන් හිටියේ නැහැ,” යනුවෙන් ඔහු පවසා ඇත.