නිරුවත් කාන්තාවකගේ උඩුකය දැක්වෙන අඟුරුවලින් ඇඳි සිතුවමක්, ඉතාලි ජාතික ලියනාර්ඩෝ ඩා වින්සි විසින් අඳින ලද ලෝක ප්රසිද්ධ 'මොනා ලීසා' චිත්ර නිර්මාණයේ මූලික දළ සටහන ලෙස හඳුනා ගෙන තිබේ.
එය හඳුනාගෙන ඇත්තේ ප්රංශයේ කලා විද්වතුන් පිරිසක් විසිනි.
'මොනා වන්නා' නමින් නම් කොට තිබු මෙම සිතුවම ප්රංශයේ පැරිස් නුවර උතුරු කලාපයේ පිහිටි කලාගාරයක 1862 වසරේ පටන් එනම් වසර 150 කට අධික කාලයක් තැන්පත් කර තිබුණි.
පුනරුද සමයේ බිහිවුණු 'මොනා ලීසා' නිර්මාණයේ සිටින ලලනා රුවට සමාන ඉරියව්වෙන් ඇඳි ලලනා රුවක් මෙහි දැක්වේ.
මෙම සිත්තම් දෙකෙහි වෙනස වන්නේ 'මොනා වන්නා' චිත්රයෙහි කාන්තා උඩු කය නිරුවත් වීම පමණි.
නිර්මාණ දෙකම එකම ප්රමාණයකින් සමන්විත අතරම අත් සහ සිරුරේ ඉරියව් නිවුන් රූ දෙකක මෙන් අතිශයින් සමාන වෙයි.