කොරියාවේ සිටින ශ්රී ලාංකිකයින් විසින් සංවිධානය කරනු ලැබූ ප්රසංගයකට සහභාගී වීමට එරට බලා ගිය නිරූපන ශිල්පිනී පියුමි හංසමාලී වේදිකාව මත නර්තනයේ යෙදෙමින් සිටියදී ප්රහාරයක් එල්ල වී ඇත.
පියුමි හංසමාලි පිළිබඳ කතාබහ ආයෙමත් කරළියට ආවේ ඉරාජ් වීරරත්න විසින් එළියට ආපු අලුත්ම වීඩියෝව හේතුවෙන්.
වික්ටර් රත්නායකයන්ගේ ජීවිත කතාව බව හැඟවෙන අයුරින් නිපදවූ මෙම වීඩියෝ රඟපෑම හෙතුවෙන් පියුමි හංසමාලිටත් එල්ලවුණේ ලොකු අප්රසාදයක්.
මේ උණුසුමත් එක්කම පියුමි පසුගියදා කොරියාවේ ප්රසංගයකට සහභාගී වීම සඳහා පිටත්ව ගියා.
ඊයේ පැවැත්වුණු මෙම සංගීත සංදර්ශනය අතරතුර පියුමි හංසමාලිද වේදිකාවට පැමිණි අවස්ථාවේදී ඇයට නොසිතූ විදිහේ අත්දැකීමකට මුහුණදෙන්න සිද්ධවුණා.