චීනයේ පැවැත්නෙ අබු 2017 රූපවාහිනී අන්තර් ජාතික සම්මාන උලෙළේ විශේෂ ජූරි සම්මානය සඳහා අතුල පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද “නිෂ්ක්‍රමණ” ටෙලි නාට්‍ය නිර්දේශ වී ඇත.
අබු උලෙළ එළඹෙන නොවැම්බර් 03 වැනිදා චීනයේ සිචුවාන් නගරයේදී පැවැත්වීමට නියමිතය.
මෙම නාට්‍ය සඳහා රංගන දායකත්වය සපයන්නේ දයාදේව එදිරිසිංහ සමඟ ග්‍රේස් තෙන්නකෝන් ය.
සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ අතින් නිම වී තිබේ.
කැමරා අධ්‍යක්ෂණය රෝහණ සමරවීර, ආලෝකකරණය සෝමරත්න පෙරේරා, ශබ්ද සංකලනය විකුම් හෙට්ටිආරච්චි, සංස්කරණය දිමුත් කුරුප්පු, කලා අධ්‍යක්ෂණය චන්ද්‍රසිරි කොඩිතුවක්කු, අංග රචනය කැලුම් සම්පත් විසිනි.