ඇමරිකාවේ සියැටල් හි ආසන්නයේ පැවැත්වුණු සංගීත සංදර්ශනයක සංචාරක බස් රථයක් තුලදී තමන් දුෂණය කළ බවට කාන්තාවක් චෝදනා එල්ල කිරීමෙන් පසුව, ජනප්‍රිය රැප් ගායක නෙලී අත්අඩංගුවට පත්ව තිබේ.
කාන්තාවක් විසින් 7 සෙනසුරාදා උදැසන පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් දුරකථන ඇමතුමක් අනුව ඔබර්න් පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
නෙලී නම් අන්වර්ථ නාමයෙන් ගීත ලෝකය තුල ප්‍රසිද්ධියක් අත්කරගෙන ඇති මෙම කලාකරුවාගේ සැබෑ නම කොනෙල් ඉරාල් හෙයින් වේ.
කෙසේ වෙතත් ඔහුගේ නීතිඥවරු පවසන්නේ මෙම චෝදනාව සම්පුර්ණයෙන් අසත්‍ය එකක් බවයි.
42 හැවිරිදි නෙලී අත්අඩංගුවට පත්වන විට බැක්ස්ට්‍රීට් බෝයිස් සහ ෆ්ලොරිඩා ජෝර්ජියා ලයින් සමඟ සංගීත චාරිකාවක නිරත වී සිටියේය.