විජය කුමාරතුංග කලාකරුවාගේ හැත්තෑ දෙවැනි ජන්ම දින ගුණානුස්මරණය සමරා සීදුව විජය කුමාරතුංග රෝහල ඉදිරිපිට ස්ථාපිත විජය පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීමක් ඊයේ දින එනම් 9 වැනිදා පෙරවරුවේ පැවැත්විණි.
එම රෝහලේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් කටාන සීදුව විජය කුමාරතුංග අනුස්මරණ පදනම මෙය සංවිධාන කර තිබිණි.
සීදුව විජය කුමාරතුංග රෝහලේ වත්මන් අධ්යක්ෂ වෛද්‍ය එස්.ආර්.යූ. විමලරත්න මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයද ,හිටපු විජය කුමාරතුංග මහතාගේ පවුලේ ඥාතීන් හිතමිත්රාදීන්ද, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක නියෝජනය කරමින් ඇයගේ ලේකම්වරියද මේ අවස්ථාවට සහභාගි වූහ.