ස්ටාර් වොස් චිත්රපට මාලාවේ නවතම සිනමාපටය “ස්ටාර් වොස් ද ලාස්ට් ජෙඩායි” හි පුර්ව ප්රචාරක පටය නිකුත් විය.
වීඩියෝව නිකුත් වී දිනක් ගත වීමටත් ප්රථම ලක්ෂ 50 කට ආසන්න පිරිසක් එය නරඹා තිබීම විශේෂත්වයකි.
සිනමාපටය ලොව පුරා තිරගත වීම ආරම්භ කෙරෙනුයේ එළැඹෙන දෙසැම්බර් 15 වැනිදායි.
මෙවර ස්ටාර් වෝස් අධ්යක්ෂණය රයන් ජොන්සන් විසිනි.
ටොම් හාඩි, ඩේසි රිඩ්ලි, ඩොම්නල් ග්ලීසන් ඇතුළු සුප්රකට හොලිවුඩ් රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් මේ සඳහා දායකත්වය ලබා දෙති.