ප්‍රකට පුවත්පත් කලාවේදී ඩී.බී ධනපාල අනුස්මරණය කරමින් සමරු මුද්දරයක් එළිදැක්වීමට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය කටයුතු යොදා තිබේ.
එම උත්සවය මේ මස 19 වැනි දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රධානත්වයෙන් විෂය භාර අමාත්‍ය මංගල සමරවීර සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහභාගිත්වයෙන් පෙරවරු 11ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී පැවැත්වීමට නියමිතය.
ඩී.බී ධනපාලයන් විසින් පුවත්පත් කලාවේ අභිවෘද්ධිය උදෙසා ඉටුකළ ඉමහත් මෙහෙවරක් අගයා මෙම නව මුද්දරය නිකුත් කිරීමට තීරණය ගෙන ඇත.