අරුණ ජයවර්ධනගේ තිර නාටකයක් අනුව ක්රිස්ටි ෂෙල්ටන් ප්රනාන්දු විසින් අධ්යක්ෂණය කිරීමට නියමිත පාද යාත්රා සිනමාපටයේ මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුණි.
චිත්රපටයේ මූලික වැඩකටයුතු ජාතික චිත්රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැති මුහුරත් උළෙලින් පසුව ආරම්භ කෙරිණ.
ක්ලීටස් මෙන්ඩිස්, සනත් ගුණතිලක, ශ්රියානි අමරසේන, සෙනාලි ෆොන්සේකා, සාරංග දිසාසේකර, පබෝදා සංදීපනී, රොෂාන් පිලපිටිය, සඳුන් විජේසිරි, ලක්ෂ්මන් මෙන්ඩිස්, උදාරි පෙරේරා, දිනෙත් ද සිල්වා, ලිලානි පෙරේරා, සෝමසිරි කොළඹගේ, ඉන්දික ධර්මතිලක ඇතුළු පිරිස මෙහි රංගන දායකත්වය සපයති.
තහනම් ගහ, අරගලය, ඉන්ද්රඛීලය ආදී චිත්රපට අධ්යක්ෂණය කළ ක්රිෂ්ටි ෂෙල්ටන් පහළොස් වසරකට පසු කලා නිර්මාණයක් සඳහා සිය දායකත්වය ලබා දෙන්නේ පාද යාත්රා උදෙසාය.
ප්රවීණ නිළි ශ්රියාණි අමරසේන එහි සම්බන්ධිකරණයෙන් දායක වන්නීය.
කතා සංකල්පය කුමාර ද සිල්වාගේ විසිනි. නිෂ්පාදනය ලිලානි පෙරේරා, ක්රිෂාන් ගුණසේකර, නිරංජලා සරෝජිනිගෙනි.