ප්‍රවීණ රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ ප්‍රධානත්වයෙන් මිහිඳු සංස්කෘතික පදනම මඟින් හය වෙනි වරටත් සංවිධාන කෙරෙන “සුවඳ පද්ම උපහාර” සම්මාන උළෙල මේ මස 29 වැනිදා පස්වරු 3 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතය.
මෙහිදී කලාකරුවන් දාසය දෙනකුට ස්වර්ණ සම්මාන පිරිනැමීමට කටයුතු සුදානම් කර ඇත.
ඊට අමතරව තවත් විසි දෙනකුට සුවඳ පද්ම රජිත උපහාර සමඟ මුදල් තෑගි සමග උපහාර පිදිමත් උළලේදී සිදු කෙරෙනු ඇත.
එසේම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ආචාර්ය එඩ්වින් ආරියදාස යන මහත්වරුන්ට සුවිශේෂී මූල්‍යමය තිළිණත්, සම්මානත් පිරීනැමීට නියමිතය.
මෙවර උළෙල මහාචාර්ය ජේ.බි. දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආචාර්ය කලාකීර්තී එඩ්වින් ආරියදාස, සුමිත්‍රා පීරිස්, මහාචාර්ය කුසුමා කරුණාරත්න, අනූෂා ගෝකුල ප්‍රනාන්දු යන විද්වතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
එදින විශේෂ ආරාධිත දේශනය පවත්වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය දර්ශන රත්නායකයි.
සංගීත අධ්‍යක්ෂණය ජයන්ත රත්නායක, නර්තනයෙන් චන්දන වික්‍රමසිංහ සහ ගායනයෙන් සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, ජගත් වික්‍රමසිංහ ඇතුළු ශිල්පීන් කිහිපදෙනෙකුත් උළෙල වර්ණවත් කිරීමට නියමිතයි.