ප්‍රවීන රංගන ශිල්පී සේනක ටයිටස් ඇන්තනි සිංගප්පුරුවේ රෝහල් ගත කර සිටියදී සිය දිවියෙන් සමුගෙන තිබේ.
“අලුත් හොරෙක් ඕනේ” වේදිකා නාට්‍යය ප්‍රදර්ශනය සඳහා විදෙස් ගතව නැවත පැමිණීමේදී සිංගප්පුරු ගුවන් තොටුපොලේදී සිහිසුන්ව ඇද වැටීමෙන් පසුව තත්වය අසාධ්‍ය අතට හැරිම හේතුවෙන් පසුගියදා ඔහු චැන්ජි මහජන රෝහල වෙත ඇතුලත් කර තිබුණි.
මෙරට වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය මෙන්ම සිනමා ක්ෂේත්රයට ද මහඟු දායකත්වයක් ලබාදුන් සේනක ටයිටස් ඇන්තනි ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනිගේ සහෝදරයෙක් ද වේ.