දෙවන රාජසිංහ රජ සමයේ උඩරට රාජධානියේ සිරකාරයකුව සිට පසුව පළාගිය ඉංග්රීසි ජාතික රොබට් නොක්ස්ගේ ජීවිත කතාව ඇසුරෙන් නවතම නිර්මාණයක් එළිදැක්වීමට සම්මානනීය තිරකතා රචකයකු මෙන්ම අධ්යක්ෂවරයකු ද වන සරත් ධර්මසිරි සූදානම් වේ.
ග්රීන් ටියුනල් සමාගමේ නිෂ්පාදනයක් වන නිර්මාණයේ මූලික වැඩ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මිරර් ආට් වෙත වාර්තා විය.
රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වන අතර රොබට් නොක්ස්ගේ චරිතය සුදු ජාතිකයකු විසින් නිරූපණය කිරීමට නියමිතය.
මෙරට ඉතිහාසය ගැන කියැවෙන අගනා ග්රන්ථයක් වන එදා හෙළදිව, නොක්ස් විසින් රචනා කරන ලද්දේ කන්ද උඩරට රාජධානියේ සිරකරුවකුව සිට ලද අත්දැකීම් ඔස්සේය.