අභාවප්රාප්ත ප්රවීණ රංගවේදී සහ පුවත්පත් කලාවේදී සී. සේනක ටයිටස් ඇන්තනි ගේ (61) අවසන් කටයුතු 30 සඳුදා එනම් අද දින රාගම දී සිදුකෙරේ.
ඔහුගේ දේහය මේ වනවිට රාගම පොඩිවීකුඹුරේ ප්රාර්ථනා නිවසේ තැන්පත් කර ඇත.
අද සවස 4.00ට රාගම ශුද්ධවූ පේදුරු සහ පාවුළු මුණිවරුන්ගේ දේවස්ථාන සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිත අතර අවමඟුල් පෙරහැර සවස 3.00ට නිවසින් පිටත් වේ.
අප අතරින් සමුගත් සේනක ටයිටස් ඇන්තනි, ප්රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ වැඩිමහල් සොහොයුරෙකි.