එකිනෙකට බද්ධ වන කතන්දර තුනක් සහිත චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනු ලබන්නේ නව පරපුරේ විශිෂ්ටතම සිනමාකරුවන් තිදෙනකු වන ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දරයි.
කලකට ඉහතදී ටයිටස් තොටවත්තයන් කතා තුනක් ඇතුළත් කොට තෙවන නමින් කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් අධ්‍යක්ෂණය කරන ලදී.
ප්‍රසන්න විතානගේ ගේ ඉර මැදියම සිනමා පටයට පාදක වූයේ ද එකිනෙකට සමාන්තරව ගලා ගිය කතා ත්‍රිත්වයකි.
එහෙත් මෙහිදී එකම චිත්‍රපටයක් තිදෙනකුගේ දෘෂ්ටි කෝණයෙන් රූපයට නැගෙනු ඇත.
එය ලාංකේය සිනමා ඉතිහාසයේ සුවිසෙස් සලකුණක් වනු ඇති බවට බොහෝදෙනා අදහස් පළ කරනවා.
කෙසේ නමුත් අශෝක හඳගම ඒ මේ පිළිබඳ මෙසේ සටහනක් තබා තිබුණා .
මේ ඉන්නේ ඇතැමෙකුට පෙනෙන විදියට දේශ ද්‍රෝහියෝ තුන්දෙනෙක්. අපව එහෙම හැඳින්වුයේ අපි යුද්ධ කාලේ යුද්ධෙ විපාක ගැන, යුද්ධේ අපේ ගම් බිම් වලට කල කී දේ ගැන අපේ චිත්‍රපට හරහා කතා කල නිසා.,අපි තුන්දෙනා එකතුවෙලා තුන්දෙනෙක් කියලා චිත්‍රපටයක් හැදුවා.
යුද්ධෙ විසින් ඉතිරි කරලා ගිය කැප කිරීමකින් තොරව බේරා ගත නොහැකි දේශපලනික ගනුදෙනුවක මානුෂික කතා තුනක්. කතා තුනක් වුනාට එක සිනමා පටයක්. තුන්දෙනාම එකට එකතුවෙලා නරඹපු පළමු වතාව.
රැඟුම් පාලක මණ්ඩල ශාලාවේ මුල්ලක ඒ මොහොත මතක් වෙන්න ෆොටෝ එකක් අරං සටහනක් තැබුවා. තව ටික දවසකින් කාටත් බලන්න ලැබෙයි.