ඉන්දියානු සිනමාව මේ වන විට විශාල කර්මාන්තයක් බවට පත්ව හමාරයි. ඉන්දියානු සිනමාව තුළ හින්දි චිත්‍රපට පමණක් නොව දමිළ මෙන්ම තව තවත් භාෂාවන්ගේ චිත්රපටද නිර්මාණය වෙමින් පවතී.
හින්දි සිනමාව තුළ මේ වනවිට වැජඹෙන බොහෝ රංගන ශිල්පීන් දමිළ සිනමාවෙන් හෝ තෙළිඟු සිනමාව තුළින් කරළියට පැමිණ තිබේ. මේ දිනවල ඉන්දියානු මාධ්‍ය ඔස්සේ කතා වන පුවතක් පිළිබඳව බොහෝදෙනා අවධානය යොමුකර තිබේ. ඒ නොවැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිතව ඇති 'ජූලි 02' චිත්‍රපටයයි.
මෙම චිත්‍රපටයේ විශේෂ හේතුවක් වන්නේ ප්‍රධාන එක් චරිතයක් ඔස්සේ සමස්ත චිත්‍රපටය නිර්මාණය වීමයි. මෙම චිත්‍රපටයේ පළමු චිත්‍රපටය එළිදැක්වූයේ 2004 වර්ෂයේදීය. මෙය හින්දි භාෂාවෙන් නිර්මාණය වුවත්, මේ සඳහා රංගනයෙන් දායක වන්නේ දකුණු ඉන්දියානු නිළියක් වන රායි ලක්ෂ්මිය.
ඇයගේ දෙවැනි හින්දි සිනමා නිර්මාණයද මෙය වීම විශේෂත්වයකි. සරාගී දර්ශනයන් ඇතුළත් මෙහි කාන්තාවකගේ ආධිපත්‍ය පතුරුවා ගැනීමේ උත්සාහයක් තේමා වී තිබේ.
රායි ලක්ෂ්මී හින්දි සිනමාවට නවකයෙකු වුවත් දමිළ සිනමාවේ බොහෝදෙනා ආදරය කරන දක්ෂ නිළියකි. 2005 වර්ෂයේදී ක්ෂේත්රයට පිවිසි ඇයගේ පළමු සිනමා නිර්මාණය වන්නේ 'කර්ක කසදාරා' චිත්‍රපටයයි. එය දමිළ සිනමා නිර්මාණයකි. ඉන්පසු ඇය රංගනයෙන් දායක වන්නේ 'කන්චානමල කේබල් ටීවී' නම් තෙළිඟු සිනමා නිර්මාණය සඳහායි. සිනමාවට පැමිණි පළමු වසර තුළදීම රායි ලක්ෂ්මි බොහෝ ප්‍රසිද්ධියක් ඉසිලීය.
2006 වර්ෂයේදී ඇය සිනමා නිර්මාණ තුනක් සඳහා දායක වූ අතර එක් තෙළිඟු චිත්‍රපටයක් සහ දමිළ චිත්‍රපට දෙකක් ඒ අතර විය. 2007 වසරේදී 'රොක් එන් රෝල්' නම් මලයාලම් සිනමා නිර්මාණය සඳහා දායක වූ රායි පළමු හින්දි සිනමා නිර්මාණය සඳහා දායක වන්නේ 2006 වර්ෂයේදීය. ඒ වන විට ඇය දමිළ, තෙළිඟු, මලයාලම් වැනි චිත්‍රපට 40කට වැඩි සංඛ්‍යාවක් සඳහා දායක වී තිබේ. 2016 තිරගත වූ 'අකීරා' චිත්‍රපටය ඇයගේ පළමු හින්දි සිනමා නිර්මාණය විය. මෙම වසරේ ඇයගේ දෙවැනි හින්දි සිනමා නිර්මාණය එළිදැක්වීමට නියමිතය. එමෙන්ම මෙම වසරේ රායි තවත් දමිළ සහ තෙළිඟු නිර්මාණයක් සඳහා රංගනයෙන් දායක විය.
ක්ෂේත්රයට පිවිසීමත් සමග ඇයට සිනමා නිර්මාණයන්හී කිසිදු අඩුවක් නොතිබුණු බවට බොහෝ සාක්ෂි තිබේ. 2018 වර්ෂයේදී ඇයගේ මලයාලම් චිත්‍රපට 07ක් එළිදැක්වීමට නියමිත ඇතැයි ඉන්දියානු මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.