පිටරටින් ආනයනය කර හඬ කවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලි නාට්‍ය , චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් සඳහා අය කරගනු ලබන බද්ද රජය විසින් ඉහල නංවා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව විනාඩි 30 ක් හෝ ඊට අඩු කාල පරිච්ඡේදයක සිංහල හෝ දෙමල භාෂාවෙන් හඬ කවන ලද උපරිමය කොටස් 4 ක ටෙලියක් හෝ සිනමාපටයක් සඳහා දිනකට පළමු විකාශන කාල පරිච්ඡේද වලට දැනට අය කරනු ලබන අවම ගාස්තුව වූ රුපියල් 90,000 මුදල රුපියල් 1,50,000 දක්වා වැඩි කර තිබේ.
කෙසේ වුවත් සිංහල, දෙමල ඉංග්‍රීසි භාෂාවන්ගෙන් නිෂ්පාදනය කරනු ලබන නිර්මාණ වල මුල් පිටපත් හඬ කවා නොමැති නම් ඒවා මෙම නව ගාස්තු අයකිරීමෙන් නිදහස් කොට ඇත.
මෙම ගාස්තුව සංශෝධනය සිදු කර ඇත්තේ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය ක්ෂේත්රයට අදාල සංවිධාන සහ නිර්මාණ කරුවන් විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට අනුවය.
මෙරට විකාශය කරන ඇතැම් විදේශ ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් ශ්‍රී ලාංකේය සම්ප්රදාය අනන්‍යතාවය හා ආචාර ධර්ම වලට පටහැනි වන අවස්ථා නිරීක්ෂණය වන බැවින් ශ්‍රී ලංකාවේ සංස්කෘතියට මෙන්ම කලා ක්ෂේත්රයට ද සිදු වන්න වූ හානි අවම කිරීමට පියවර ගන්නැයි ඔවුන්ගේ ඉල්ලීම වී තිබුණි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව සංශෝධන ක්‍රියාත්මක වනු ඇත.