නව බදු පනත ක්‍රියාත්මක වීමත් සමඟ කලා ක්ෂේත්රයේ නිරත වුවන්ගේ නිර්මාණවලින් ලබන වාර්ෂික ශුද්ධ ලාභය සඳහා රුපියල් ලක්ෂ පහක් දක්වා බදු නිදහස ලැබෙනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාශයේ ප්රවෘත්ති අධ්යක්ෂ එම.අලි හසන් පවසා තිබේ.
තම නිර්මාණ වෙනුවෙන් නිර්මාණකරුවාට ගෙවිය යුතු වැටුප් හෝ අනෙකුත් ගෙවීම් ඇතුළුව කතෘභාග සඳහා ද පිරිවැය දැරීමෙන් පසුව ඉන් ලබන ශුද්ධ ලාභය ලක්ෂ 5 දක්වා බදු වලින් නිදහස් වනු ඇත.
එසේම නිර්මාණකරුගේ වැටුප් හෝ ශ්‍රමික දීමනාවට ද ලක්ෂ 12 දක්වා බදු නිදහසක් හිමි වේ.
ඒ අනුව කලාකරුවන් සඳහා මෙතෙක් විශේෂිත අයුරින් පනවා තිබු සහන සහ විරාම අහෝසි වනු ඇත.
ඒ වෙනුවට අදායම් ලබන බදු ගෙවිය හැකි සියලු පුරවැසියන්ගෙන් ආදායම් බදු අය කරන ක්‍රමයට කලාකරුවන්ගෙන් ද බදු අය කෙරේ.