ශ්‍රී ලංකාවට ආනයනය කර හඬ කවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් සඳහා බදු ඉහල නැංවීමට විරෝධය දක්වමින් ඒවා ප්‍රදර්ශනය නවතා දැමීමට රුපවාහිනී නාලිකා කිහිපයක් තීරණය කර ඇති බව වාර්තා වේ.
වාර්තා වන පරිදි මෙම තීරණයට එළැඹ ඇත්තේ සිරස, හිරු , ස්වර්ණවාහිනී සහ දෙරණ යන නලිකවන්ය.
බදු ඉහල නංවන බවට සඳහන් මාධ්‍ය නිවේදනය නිකුත් වූ දිනම නාලිකා ප්‍රධානින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර හමුවී මේ පිළිබඳව සිය විරෝධය පල කර තිබුණි.
එහිදී ඔවුන් පෙන්වා දී තිබුනේ වැඩසටහන් නවතා දැමීමෙන් හඬ කැවීමේ ශිල්පින් 2000 කගේ පමණ රැකියා අහිමි වන බවයි.