බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීමට මිලියන 50ක් වෙන් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අද (9) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසී ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා
අප සතුව පොහොසත් ජාතික උරුමයක් ඇත. ආගමික ස්ථාන පුරාවිද්‍යා ස්ථාන විධිමත් ලෙස ආරක්ෂා කිරීම හා සංරකෂණයට කටයුතු කරනවා.
කොළඹ පුස්තකාලයේ සහාය ඇතිව බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීමට මිලියන 50ක් වෙන් කරනවා.
හින්දු, ක්‍රිස්තියානි ආගමික ස්ථාන නවීකරණයට මිලියන 250ක් වෙන්කරනවා. ජාත්‍යන්තර සෞන්දර්ය කලා රංග ආයතනයක් මොරටුවේ පිහිටුවනවා.
එසේම මෙවර අයවැයෙන් කලාකරුවන් ආරක්ෂා කිරිමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යවරයා කියා සිටියි.
ඒ අනුව කලාකරුවන් සඳහා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ලබා දීමට මෙහිදී අපේක්ෂා කෙරේ.