ආචාර්ය විශාරද නන්දා මාලිනිය ලාංකික සංගීත ක්ෂේත්රයේ විශිෂ්ට මෙහෙවරක යෙදුණාය. ඇය පසුගිය දශක ගණනාවක සිට නව පරපුරකට සංගිතය ඉගැන්වීමේද යෙදුණාය.
යහපත් සංගීත රුචියක් ඇති ප්රබුද්ධ සංගීත රසික පිරිසක් බිහි කිරීමේ අභිප්‍රායෙන් ඇගේ සංගීත ආශ්රමයේ පවත්වාගෙන එනු ලබන මෙම පන්ති මාලාව දෙමව්පිය - ගුරුවර - වැඩිහිටි බොහෝ දෙනාගේ ඉමහත් පැසසුමට භාජනය වී තිබේ.
මෙම සංගීත පන්තිවලදී වයස අවුරුදු 8 සිට 12 දක්වා වූ කුඩා දරු දැරියක් සඳහා ඒ වයස් සීමාවන්ටම විශේෂිත වූ මූලික ස්වර අභ්‍යාස සහිත දරුවන්ගේ මුවට පහසුවෙක් ගායනා කළ හැකි මධුර ගීත මාලාවක් ඔවුන්ගේ කටහඬ පුහුණුව සඳහාම නන්දා මාලිනිය විසින් උගන්වනු ලබන්නීය.
වයස අවුරුදු 12 සිට 15 දක්වා දරුවන්ට පාසැල් විෂය මාලා හා සම්බන්ධ කරුණු දේශීය ජන ගායනා සහ රාගධාරි විෂය ඇතුළත් සංගීත පාඨමාලාවක් ද තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා තම ගායන හැකියාවන් ප්‍රගුණ කර ගැනීම සඳහා ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයේ ප්‍රවේශ, ප්‍රථම සහ ඩිප්ලීමා යන පාඨමාලාවක් ද නන්දා මාලිනිය මෙහෙයවන්නීය.
මේ මස 30 වැනිදාට පූර්වයෙන් ඒ සඳහා අංක 30, විජයබා මාවත, නාවල පාර, නුගේගොඩ ලිපිනයට දන්වන ලෙස ඇය දන්වා සිටියි.