නයිල් නදිය “සමච්චලයට” ලක් කිරීම නිසා ඊජිප්තු සුප්රකට ගායිකාවකට එරෙහිව එරට සංගීතවේදීන්ගේ සංගමය තහනමක් පනවා තිබේ.
සිය රට තුල ගායනා ඉදිරිපත් කිරීමට නොහැකි වන ලෙස ෂෙරින් අබ්දෙල් වහබ්ට මෙම තහනම පනවා ඇත.
ප්රසංගයකදී වූ සිදුවීමක් මේ සඳහා හේතු වී තිබේ.
“නයිල් නදියෙන් දිය පානය කළොත් ශ්ස්තිසෝමොසිස් නම් රෝගයක් වැළඳීමට ඉඩ ඇත,” යි ඇය එහිදී ප්රකාශ කර ඇත. මෙම රෝගය පරපෝෂිත පණු විශේෂයකින් සෑදෙන්නකි.
ඊජිප්තු සංගීතවේදීන්ගේ සංගමය 14 අඟහරුවාදා 37 හැවිරිදි ගායිකාවට එරෙහිව මෙම තහනම පනවා ඇත්තේ “අසාධාරණ ලෙස නයිල් නදිය සමච්චලයට ලක් කළ” බව පවසමිනි.
කෙසේ වෙතත් පසුව ඇය මේ සම්බන්ධයෙන් සිය සමාව ඉල්ලා ඇත.